October, 26, 2026
JXG (ජනශක්ති සමූහ ව්යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC, කොළඹ විශ්වවිද්යාලයේ කළමනාකරණ හා මූල්ය පීඨයේ මූල්ය ශිෂ්ය සංගමය විසින් සංවිධානය කරන ලද MAGNATE 2026 හි නිල ප්රධාන හවුල්කරු ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් එක් විය. අධ්යාපන ආයතන සහ මූල්ය සේවා ක්ෂේත්රය අතර සම්බන්ධතා ශක්තිමත් කරන අතරම දක්ෂ තරුණ තරුණියන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අනාගත වෘත්තීය ජීවිතයට අත්වැලක් වීමේ අරමුණින් First Capital සමාගම මෙම වැඩසටහනට අනුග්රාහකත්වය ලබා දෙයි.
MAGNATE යනු මූල්ය ක්ෂේත්රයේ නවෝත්පාදනය, නායකත්වය සහ දැනුම් හුවමාරුව ප්රවර්ධනය කිරීමේ අරමුණින්, මූල්ය ක්ෂේත්රයේ ශිෂ්ය ශිෂ්යාවන්, විද්වතුන්, වෘත්තිකයන් සහ ආයතන ප්රධානීන් එකිනෙකා සමඟ සම්බන්ධ කරන වේදිකාවකි. එහි මෙවර අදියරට ක්ෂේත්රයේ විශේෂඥයකු විසින් පවත්වන ලද ප්රධාන දේශනයක්, සංවාදමය වැඩසටහන් මාලාවක් සහ අන්තර් විශ්වවිද්යාල විවාද තරගයක් ඇතුළත් විය. මේ තුළින් සිසුන්ට අදහස් හා දැනුම හුවමාරු කර ගැනීමටත්, මූල්ය ක්ෂේත්රය පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමටත්, ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සමීපව ගවේෂණය කිරීමටත් අවස්ථාව සැලසිණි.
මෙම අවස්ථාවට First Capital Holdings නියෝජනය කරමින් සහභාගී වූ එහි වත්කම් කළමනාකරණ අංශයේ උප සභාපති කුමාරවරන් කනගසූරියර් මහතා “Barter to Bitcoin: Global Shift in Finance Beyond Borders” යන තේමාව යටතේ වැඩසටහනේ ප්රධාන දේශනය පැවැත්වූ අතර, එහිදී ඔහු මූල්ය පද්ධතිවල විකාශනය සහ වඩාත් අන්තර්සම්බන්ධිත වෙමින් පවතින ගෝලීය මූල්ය ක්ෂේත්රය හැඩගස්වන බලවේග පිළිබඳව අදහස් දැක්වීය.
මෙම වැඩසටහන සඳහා First Capital දිගින් දිගටම අනුග්රාහකත්වය ලබා දීම පිළිබඳව එහි මානව සම්පත් ප්රධානී චාමර පුස්සැල්ල මහතා මෙසේ අදහස් පළ කළේය: “අනාගතයේ දක්ෂ වෘත්තිකයන් බවට පත්වීමට නියමිත තරුණ තරුණියන් සමඟ අර්ථවත් සබඳතා ගොඩනංවා ගැනීමේ උත්සාහය තුළ දී, විශ්වවිද්යාල ක්ෂේත්රය සමඟ එක්ව කටයුතු කිරීම අතිශයින් වැදගත්. MAGNATE වැනි වැඩසටහන් තුළින් මූල්ය ක්ෂේත්රයේ අනාගත වෘත්තිකයන් සමඟ සම්බන්ධ වීමටත්, අදහස් හුවමාරු කරගැනීමටත්, ක්ෂේත්රය පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ඔවුන් වෙත ලබා දීමටත් අපට හැකි වෙනවා. සේවායෝජකයෙකු ලෙස, අධ්යාපන ක්ෂේත්රය සමඟ සබඳතා අඛණ්ඩව ශක්තිමත් කරගනිමින්, තරුණ දක්ෂයන්ට ඉගෙනීමටත්, වර්ධනය වීමටත්, තමන් සතු හැකියාවන් ගවේෂණය කිරීමටත් අවස්ථා සලසා දීම අපගේ අරමුණයි.”
මෙම වැඩසටහනට සම්බන්ධ වීම තුළින් අනාගත සීමාවාසික පුහුණු අවස්ථා පිරිනැමීම සඳහා සුදුසු දක්ෂ තරුණ තරුණියන් හඳුනාගැනීමටද First Capital සමාගමට අවස්ථාව සැලසේ. MAGNATE වැඩසටහනට අඛණ්ඩව සහභාගී වීම තුළින්, සේවායෝජකයෙකු ලෙස කොළඹ විශ්වවිද්යාලයේ කළමනාකරණ හා මූල්ය පීඨය සමඟ පවතින සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම, දැනුම හුවමාරු කරගැනීම, මූල්ය නවෝත්පාදනය ප්රවර්ධනය කිරීම සහ අධ්යාපන ක්ෂේත්රය හා මූල්ය සේවා ක්ෂේත්රය අතර වඩාත් සමීප සබඳතා ඇති කිරීම සඳහා දායක වීමට First Capital සමාගම අපේක්ෂා කරයි.
ඡායාරූපය: අඛණ්ඩව සිව්වන වසරටත් MAGNATE හි නිල ප්රධාන අනුග්රාහකයා ලෙස කටයුතු කළ First Capital Holdings PLC සමාගමේ වත්කම් කළමනාකරණ අංශයේ උප සභාපති කුමාරවරන් කනගසූරියර් මහතා එහි ප්රධාන දේශනය සිදු කරමින්
Video Story