ඉන්දියාවේ ATM පද්ධතියේ වෛරසයක්. කාඩ් ලක්ෂ 32 ක් අත්හිටුවයි.

    October, 20, 2016

    ඉන්දියාවේ බැංකු කිහිපයක ස්වයංක්‍රීය ටෙලර් පද්ධතිවලට පරිගණක වෛරසයක් ඇතුළු වීම හේතුවෙන් මිලියන 3.2 කට ආසන්න ඩෙබිට් කාඩ් පත් ප්‍රමාණයක් අත්හිටුවීමට බලධාරීන් පියවර ගනෙ තිබේ.

    ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි State Bank of India, HDFC Bank, ICICI Bank, Yes Bank හා Axis Bank යන බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් පද්ධති මෙලෙසින් පරිගණක වෛරසයක ගොදුරු බවට පත්ව තිබේ.

    මෙහිදී අදාළ බැංකු විසින් සිය ගනුදෙනුකරුවන් වෙත වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ අදාළ බැංකු කාඩ් පත නිකුත් කරනු ලැබූ බැංකුවට අයත් ATM යන්ත්‍ර හැර වෙනත් බැංකුවල ATM භාවිත කිරීමෙන් වළකින ලෙසයි. ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විට මිලියන 3.2 ක කාඩ්පත් ප්‍රමාණයක ගනුදෙනු අත්හිටුවා ඇතැයි ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.