ශ්‍රී ලංකාවේ සන්නාම වටිනාකම ඩොලර් බිලියන 74 යි

    October, 21, 2016

    ලන්ඩනයේ Brand Finance විසින් නිකුත් කරන ලද 2016 ජාතීන් සන්නාම වාර්තාවට (2016 nation brand report) අනුව ශ්‍රී ලංකාව පියවර දෙකක් ඉදිරියට පැමිණ තිබේ. 2015 වසරේ දී මෙම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසු වූ අතර 2016 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 55 වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණ ඇත.

    මේ අතර ශ්‍රී ලංකාවේ සන්නාම වටිනාකම 2016 වසරේ දී 9% කින් වර්ධනය වී තිබෙන අතර එම අගය දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 74 ක් ලෙසිනි.

    තවද පසුගිය වසරේ දී A+ ලෙසින් වාර්තා වුණු ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම AA- දක්වා වර්ධනය වි ඇත.

    මෙම වාර්තාවේ පළමු ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයට හිමිව ඇත්තේ ඩොලර් බිලියන 20,574 ක සන්නාම වටිනාකමක් වාර්තා කරමිනි. චීනය (7,087), ජර්මනිය (3,882), ජපානය (3,002) සහ එක්සත් රාජධානිය (2,942) පිළිවෙලින් සෙසු ප්‍රමුඛ ස්ථානවල පසුවේ.

    මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 100 හිමි රටවල් පහත දැක්වේ.