October, 24, 2016
දේශීය තොරතුරු තාක්‍ෂණ මෘදුකාංග අන්තර්ගතයන් හා නිමැයුම් ජාතික වශයෙන් අගය කිරීම වස් පැවැත්වෙන ඉ-ස්වාභිමානී 2016 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය මෙම ඔක්තෝබර් මස 31 දා කොළඹ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය හය වන වරටත් සංවිධානය කරනු ලබයි.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එම නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සම්මාන ප්‍රදානය ඇරඹේ.
ඉ-ස්වාභිමානී 2016 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සදහා නාම යෝජනා රැසක් මෙවර ද ලැබී තිබු බවත් දෙස් විදෙස් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් අවසන් වටය සදහා තෝරා ගන්නා ලද නිර්මාන 42 ක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලබන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.
ඉ-රාජ්‍ය හා විවෘත දත්ත, ඉ- සෞඛ්‍ය හා පරිසරය,ඉ-ඉගෙනුම් හා විද්‍යා,ඉ-විනෝදාස්වාදය හා ජීවන රටාව,ඉ-සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරය,ඉ-මාධ්‍ය හා ප්‍රවෘත්ති, ඉ-ව්‍යාපාර හා වානිජ්‍ය, ඉ-අන්තර්කරණය හා සවිබල ගැන්වීම,ජංගම දුරකථන සදහා අන්තර්ගතයන් යන ක්‍ෂේත්‍ර යටතේ තරග කරුවන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ.
මෙම සම්මාන ප්‍රදානයට පාත්‍ර වන නිර්මාණ කරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාවද උදාවන බව නියෝජිතායතනය සදහන් කරයි. www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිලිබද වැඩිවිස්තර දැනගත හැකිවේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් නියෝජිතායතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ මුහුන්දන් කනගි අමාත්‍යංශ ලේකම් වසන්ත දේශප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.