October, 26, 2016
ගතවන මූල්‍ය වසරේ අවසානයත් සමඟ කොමර්ෂල් බැංකුවට ඉතාමත් කැපී පෙනෙන ගෝලීය සම්මාන දෙකක් වොෂින්ටන් සහ හොංකොං වෙතින් හිමිවී තිබේ.
වොෂින්ටනයේ පසුගියදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැුස්වීමට සමඟාමීව පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයකදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සම්මානය කොමර්ෂල් බැංකුව වෙත හිමිවූ අතර එය බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා විසින් භාරගන්නා ලදී.
මේ අතර, හොංකොං හි, පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුවේ 20 වසරක විශිෂ්ටත්වය වෙනුවෙන් ‘ෆයිනෑන්ස් ඒෂියා’ විසින් පුදකළ ප්ලැටිනම් සම්මානය කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා විසින් ලබාගන්නා ලදී.
ජාත්‍යන්තර ව්‍යාපාරික ප‍්‍රජාව අතර සුප‍්‍රසිද්ධ ඇමරිකානු මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන්නේ 17 වන වසර සඳහා වන අතර ෆයිනෑන්ස් ඒෂියා සඟරාව වෙතින් බැංකුවට මෙම ප්ලැටිනම් සම්මානය හිමිවූයේ මෙම වසර තුල හයවන වතාවට ෆයිනෑන්ස් ඒෂියා වෙතින් බැංකුවට හිමිවූ හොඳම බැංකුවට හිමි සම්මානයට අමතරවය.
ග්ලෝබල් ෆයිනෑන්ස් සහ ෆයිනෑන්ස් ඒෂියා සම්මාන වලට අමතරව 2016 වසර තුල බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවට ආසියාවේ හොඳම ඒකාබද්ධ වාර්තාවට හිමි සම්මානය හිමිවූ අතර තිරසාර වාර්තාකරණයේදී මෙම වාර්තාව ශ‍්‍රී ලංකාවේ බැංකු අතර හොඳම වාර්තාව ලෙස වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය (ACCA) විසින් නම් කරන ලදී. එසේම, සන්නාමකරණයේ සහ අලෙවිකරණයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවති 2016 CMO ආසියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුව වසරේ අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් හිමිවන සම්මානය දිනාගත් අතර LMD සඟරාව මගින් පිට පිටම වසර 12 ක් මෙරට වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙසද කොමර්ෂල් බැංකුව 2016 වසරේදී සම්මානයට පාත‍්‍රකර තිබේ. මේ අතර, ‘ඒෂියන් බෑන්කර්’ විසින් ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව සම්මානයට බඳුන් කර තිබෙන අතර 2016 දකුණු ආසියානු පාර්ශවකාර සමුළුව සහ ව්‍යාපාරික සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට හොඳම පුද්ගලික අංශයේ බැංකුව ඇතුළු සම්මාන හතරක් කොමර්ෂල් බැංකුවට හිමිවිය. මීට අමතරව, එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තෝරාගත් එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි.

සේයාරුවලින් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා (වම්පස කෙළවරේම) සහ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා (වම් පස සේයාරුවේ දකුණේ) වොෂින්ටනයේදී හිමිවූ ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය සමගත් (දකුණේ) බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා හොංකොං හිදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී හිමිවූ යිනෑන්ස් ඒෂියා ප්ලැටිනම් සම්මානය සමගත් සිටින ආකාරයයි.