October, 26, 2016
සියල්ලන්ට සමානව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම මඟින් කොටස් නිකුත් කරන්නන්, ආයෝජකයින්, වෙළෙඳපොළ ආයතන සහ වෙළෙඳපොළ අතරමැදියන් අතර විශ්වාසය හා පැහැදීම ඇති කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත්, කාර්යක්ෂම සහ උද්යෝගීමත් වෙළෙඳපොළක් බවට සංවර්ධනය කිරීම අවශ්‍ය බව රජය පවසා සිටී.
ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේ අරමුණින් සහ ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කළ යුතු යැයි හඳුනා ගනු ලැබ ඇති නියාමන හා සංවර්ධන ක්‍රියාමාර්ග යෝජනා කරන ‘2016-2020 ප්‍රාග්ධන වෙළෙඳපොළ උපාය මාර්ගය‘ අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් රජය පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි විභවතාවන් තවමත් නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නොමැති බවයි.