October, 27, 2016
ජනතාවගේ ආදායම් මට්ටම වඩාත් ඉක්මනින් ඉහළ නැංවීම රජයේ බලාපොරොත්තුව බවත් දැනට ඇමරිකානු ඩොලර් 4,000 මට්ටමේ ඇති ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමරිකානු ඩොලර් 8,000 දක්වා වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය. අග්රාමාත්යවරයා අද (27) දින පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.
“දැනට අපේ ආර්ථිකය වර්ධනය වන්නේ වර්ෂයකට 5% ක වේගයෙන්. මේ වේගයෙන් ගියොත් ඒක පුද්ගල ආදායම දෙගුණ වන්නට 2033 දක්වා බලා සිටින්නට සිදුවෙනවා. අපිට වසරකට 7% ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම්, ඒක පුද්ගල ආදායම වර්ෂ 2025 වන විට දෙගුණ කර ගත හැකියි“ යැයි අග්රාමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.