October, 27, 2016
නව ප්‍රාග්ධනය මෙන්ම කාර්යක්‍ෂමතා මට්ටම් ද හඳුන්වාදෙමින් ප්‍රාදේශීය වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කොට කාර්යක්‍ෂම ව්‍යවසාය බවට පත්කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සිය පස් අවුරුදු ඉදිරි ආර්ථික සැලැස්ම අනාවරණය කරමින් පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ තේ හා රබර් මිල පහත වැටීමත් සමග අපේ කෘෂි නිෂ්පාදන අපනයන ආදායමත් අඩු වී ඇති බවයි. මෙම තත්ත්වය තුළ වැවිලි ක්ෂේත්‍රයේ සමහර සමාගම් හොදින් කටයුතු කළත් සමහර සමාගම් දුර්වල වී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
“ගෙවී ගිය 30 වසරක පමණ කාලය තුළ අපේ අපනයන නිෂ්පාදනවල සංයුතිය තරගකාරී වෙළඳපොලට සරිලන අයුරින් වෙනස් වී නැහැ. තවමත් අපි අපනයන ආදායමෙන් බහුතරයක් උපයා ගන්නේ නිමි ඇඟළුම්, තේ, රබර්, මැණික් සහ සංචාරක කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි පටු අපනයන පදනමක් මතයි. මෙබඳු පටු සීමාවන් තුළ දීර්ඝ හා තිරසාර ආර්ථික වර්ධනයක් ලබා ගැනීම අසීරුයි“, යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේය.