October, 27, 2016
ප්‍රාග්ධන දීමනා සහ අඩු බදු ක්‍රමවේදයක් පදනම් කර ගත් ආයොජන දිරිගැන්වීම් හඳුන්වා දෙන බවත් මේ පිළිබඳ වැඩි විස්තර අයවැය යෝජනා වලදී ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.
“ආනයන හා අපනයන පාලන පනත වෙනුවට නව පනතක් හඳුන්වා දෙනවා. එය සිංගප්පූරුවේ ආනයන හා අපනයන රෙගුලාසි පනතට සහ උපායමාර්ගික භාණ්ඩ පාලන පනතට සම කළ හැකියි. අපේ දේශීය ව්‍යවසායකයින්ට ද මෙහිදී විශාල කාර්ය භාරයක් තිබෙනවා. ඔවුන්ට තරගකාරීත්වය වැඩි දියුණු කොට අපනයන නිෂ්පාදනය ඉහළ නැංවිය හැකියි. මේ සමගම නව රැකියා අවස්ථාවන් ද බිහි වෙනවා. මෙතැන දී දේශීය ව්‍යවසායකයින් දිරිමත් කරමින්, ඔවුන්ට ගෝලීය තරගකාරීත්වයට එක්වීමට අවශ්‍ය සහය ලබා දීමට අපි වෙළඳ ගැලපුම් පැකේජයක් - Trade Adjustment Package – හඳුන්වා දෙනවා. අලූත් උපකරණ ලබා ගැනීම සඳහා ලබා දෙන ප්‍රාග්ධන දීමනාවන් ද ඊට ඇතුළත්.“
මේ ආකාරයෙන් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නුයේ පෞද්ගලික අංශය කරන අඩු ආයෝජනය සහ රජය මුහුණ දී සිටින විශාල ණය ප්‍රමාණය යන ප්‍රධාන අභියෝග දෙක ජයගැනීමේ අරමුණින් බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.