October, 28, 2016
වසරේ මේ දක්වා කාලය තුළ දී ඉන්දියානු මෝටර් රථ වෙළෙඳපොළ 17% කින් වර්ධනය වී ඇති බවත් එහිදී Renault මෝටර් රථ අලෙවිය 7 ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් Business Standard වෙබ් අඩවිය අනාවරණය කර සිටී.
ප්‍රධාන වශයෙන් මේ සඳහා හේතු වී ඇත්තේ පසුගිය වසරේ අග භාගයේ දී හඳුන්වා දෙන ලද Renault Kwid හැච්බැක් මාදිලියේ මෝටර් රථය ඉන්දියාව තුළ සීඝ්‍ර ජනප්‍රියත්වයක් අත්පත් කර ගැනීමයි. 2016 වසර තුළ දී මේ දක්වා Kwid ඒකක 82,771 ක් ලියාපදිංචි කර තිබෙන අතර මෙම වසරේ තෙවන කාර්තුවේ දී පමණක් ලියාපදිංචි කර ඇති Kwid රථ ප්‍රමාණය 34,350 ක් ලෙස මෙහිදී වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර Renault ඉන්දියා සමාගම මෙහිදී කියා සිටින්නේ වසර තුළ Kwid ඒකක 165,000 ක් සඳහා ඇණවුම් ලැබී ඇති බවයි. තවද මේ වන විට 97,000 ක ප්‍රමාණයක් බෙදා හැර ඇති බව ද සඳහන් වේ.
Kwid මෝටර් රථ සඳහා තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මේ වන විට මාසයක දී නිෂ්පාදනය කරනු ලබන ඒකක ප්‍රමාණය 10,000 ක් දක්වා ඉහළ නංවා ඇති බවද සමාගම කියා සිටී.