November, 2, 2016
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි තරුණ - තරුණියන්ට ගුණාත්මක නිපුණතා සංවර්ධන අධ්‍යාපන අවස්ථා ලබා දීම තුළින් සංචාරක ක්ෂේත්රයේ රැකියා සඳහා අවශ්‍ය නිපුණතා ඇති කරලීමේ වැඩසටහනක් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය විසින් 2016-2019 කාලවකවානුව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුව (DFAT) මඟින් ලබා දීමට එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 15ක මූල්‍ය ප්රදානය ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය හා ඕස්ට්‍රේලියානු රජය අතර උපයෝගිතා ගිවිසුමකට එළඹීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.