November, 4, 2016
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ඇරඹීමට සියල්ල සූදානම්
රජයේ නව ආර්ථික සැලසුම් වලට අනුව ආයෝජකයින් සඳහා වැඩි අවස්ථා ලබාදීමත් එමගින් ගුණාත්මක හා ඉහල මට්ටමේ රැකියා උත්පාදනයත් අරමුණු කරගිනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහිත නව ටයර් කම්හල සඳහා ලංවා වානේ සංස්ථාව අමෙරිකා ඩොලර් මිලියන 75 ක් ආයොජනය කරයි. මෙම කම්හල අග්නිදිග ආසියා කලාපයේ නවීන තාක්ෂණය සහිත ජාත්‍යන්තර මට්ටමේ අංගසම්පූර්ණ ටයර් කම්හල වනු ඇත. හොරන කර්මාන්ත පුරයේ ස්ථාපනය වීමට නියමිත නව කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ලබන ජනවාරියේදී ආරම්භ කිරීමට නියමිතයි.
පරිසර සමතුලිතතාව උපරිමයෙන් ආරක්ෂාකරගනිමින් ජාත්‍යන්තර හා දේශීය පිළිගත් පාරිසරික ප්‍රමිතීන්ට අනුව මෙහි ඉදිකිරීම් සිදුකිරීම විශේෂත්වයකි.
දේශිය හා ජාත්‍යන්තර පරිභෝජනය සඳහා රේඩියර් ටයර්, රිම් නිෂ්පාදන, රළු ධාවනයට සුදුසු ටයර්, නැවත පිරවූ ටයර් යනාදී විශාල වශයෙන් වෙළඳපල පරාසයක් සඳහා වන නිෂ්පාදන මෙමගින් මුදා හැරේ. නව ටයර් කම්හල හරහා සෘජු හා වක්‍ර රැකියා 3000 ක් පමණ උත්පාදනය කිරීම සැලසුමයි.
රබර් අමුද්‍රව්‍යක් ලෙස අපනයනය කිරීම වෙනුවට නිමිභාණ්ඩ ලෙස අපනයනය කිරීමේ ආර්ථික වාසිය රටට අත්කර දෙමින් දේශීය රබර් සඳහා අගය එකතු කිරීමේ ක්‍රමෝපායන්ටද මෙමගින් අවස්ථාව සැලසේ. තවද මෙමගින් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීමට අවස්ථාව උදාවේ. දේශීය ඉන්ජිනේරුවන්ට හා කාර්මික ශිල්පීන්ට ජාත්‍යන්තර මට්ටමේ නව තාක්ෂණික දැණුම හා අත්දැකීම් ලබාගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ. එවැනි ජාත්‍යන්තර තත්වයේ වෘත්තීය අධ්‍යාපනයක් මෙරටදීම ලබාගැනීමට හැකිවීමෙන් විදෙස් රැකියා වෙළඳපල අවස්ථා පුළුල් කරගැනීමට ද හැකිය. එමෙන්ම කර්මාන්ත ශාලාව හරහා ප්‍රදේශයේ යටිතල පහසුකම් පංවර්ධනය වීමද මෙහි ඇති තවත් ප්‍රථිලාභයකි.