සැම්සුන්ග් සමාගම යළිත් අර්බුදයක

    November, 4, 2016

    විකිණූ රෙදි සෝදන යන්ත්‍ර මිලියන 2.8 ක් යළි ගෙන්වයි

    මේ වන විට උද්ගත වී ඇති අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ අලෙවි කර ඇති රෙදි සෝදන යන්ත්‍ර මිලියන 2.8 කට ආසන්න ප්‍රමාණයක් යළි කැඳවීමේ තත්ත්වයකට සැම්සුන්ග් සමාගම මුහුණ පා ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

    මෙලෙස යළි කැඳවීමට යොමු කර ඇත්තේ 2011 මාර්තු මස සිට 2016 නොවැම්බර් දක්වා නිෂ්පාදනය කරන ලද රෙදි සෝදන යන්ත්‍ර වේ. සැම්සුන්ග් රෙදි සෝදන යන්ත්‍ර භාවිත කළ පුද්ගලයින් කිහිප දෙනෙකුම, යන්ත්‍ර භාවිතයේ දී අනතුරුවලට ලක්වූ බවට වාර්තා වීම මෙලෙස යන්ත්‍ර යළි කැඳවීමට හේතු වී තිබේ.

    මෑත කාලයේ දී සිය නවතම නිෂ්පාදිතය වූ සැම්සුන් නෝට් 7 ස්මාර්ට් ජංගම දුරකතනය සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් ලොව පුරා අලෙවි කළ සියලු නෝට් 7 ස්මාර්ට් ජංගම දුරකතන ඒකක යළි කැඳවීමට, සැම්සුන්ග් සමාගමට සිදුවිය.