අයවැයට පෙර රවී – රොනී හමුවෙයි

    November, 8, 2016

    එළඹෙන 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2017 අයවැය වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් හිටපු මුදල් අමාත්‍යවයෙකු වන රොනී ද මැල් මහතා සහ වතමන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර ඊයේ රොනී ද මැල් මහතා ගේ නිවසේ දී සිදුවිය.

    මෙම හමුවෙන් පසුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, මාධ්‍ය අමතා කියා සිටියේ ජනතාවාදී අයවැයක් ගෙන ඒම සඳහා මේ වන විට සියලු කටයුතු යොදා ඇති බවත්, හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් මහතා ගේ අදහස් ද ඒ වෙනුවෙන් විමසා සිටි බවත්ය.

    මේ අතර තවත් හිටපු මුදල් අමාත්‍යවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ද පසුගිය ඉරිදා සිදුවිය.