November, 8, 2016
2016 වසරේ මුල් මාස 10 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,658,824 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් අනාවරණය කර සිටී. මෙහිදී පසුගිය වසරේ මුල් මාස හා සැසඳීමේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ 14.6% ක වර්ධනයක් සනිටුහන් වී තිබේ.
2015 ඔක්තෝබර් මාසයේ දී 132,280 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර එය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී 150,419 දක්වා 13.7% කින් ඉහළ ගොස් ඇත.
2016 වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එය සංඛ්‍යාත්මකව ගත් කළ 288,636 ක් වන අතර පෙර වසරේ මුල් මාස 10 හා සැසඳීමේ දී එය 14.8% ක වර්ධනයකි. දෙවනුවට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් චීනයෙන් පැමිණ තිබෙන අතර පෙර වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 28.3% ක වර්ධනයක් සනිටුහන් කරමින් එම ගණන 233,669 ක් ලෙසින් වාර්තා වේ.
2016 වසරේ දී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 2 සීමාව ඉක්මවනු ඇතැයි වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබීය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ සංඛ්‍යා සටහන පහත දැක්වේ.