විදුලි ඩීසල් දුම්රිය එන්ජින් 10ක් ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ RITES ට

    November, 10, 2016

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ විදුලි ඩීසල් එන්ජින් 10ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC) නිර්දේශය පරිදි ඉන්දියාවේ RITES සමාගම වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    මෙම දුම්රිය කොන්ත්‍රාත්තුව සඳහා ලංසු ඉදිරිපත් කර තිබූ එකම සමාගම වන්නේද මෙයයි.

    කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ RITES සමාගම විසින් ඩොලර් මිලියන 4.40 බැගින් ලංසු ලබා දී තිබූ දුම්රිය එන්ජිමක් ඩොලර් මිලියන 4.25 දක්වා මිල අඩු කොට ලබා ගැනීමට හැකි වී ඇති බවයි.