November, 10, 2016
අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසින් ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සිට අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරනු ලබන විදෙස් රටවල සිසුන්ට 2017 වසරේ සිට අවුරුදු 5 ක බහු ප්‍රවේශ වීසා (Multiple entry visa) ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අධ්‍යාපනික සංචරණය ප්‍රවර්ධනය (Education tourism) කිරීමට මෙය ඉතා වැදගත් පියවරක් බවයි.