November, 10, 2016
දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුබද්ධ සමාගමක් ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම ඇතුළු තවත් රජයේ සමාගම් කිහිපයක් 2017 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරනු ලබන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී ප්‍රකාශයට පත්කරන ලදී.
යෝජිත හයට් හෝටල් සංකීර්ණය, වෝටර්ස් එජ් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් මෙලෙස ලැයිස්තුගත කිරීමට යෝජිත සෙසු රජයේ සමාගම් වේ.
මොබිටෙල් සමාගම ලැයිස්තුගත කිරීම සඳහා මේ වන විට ඉල්ලුම් කර ඇති බවත් එය අනුමත කර ඇති බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.