රවී දුම්කොළ සමාගමෙන් මිලියන 500 ක් ඉල්ලයි

    November, 10, 2016

    මත්ද්‍රව්‍ය නිවාරණය හා මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා ශ්‍රී ලංකා පොලීසියට රුපියල් මිලියන 150 ක්ද, ජාතික තරුණ සේවා සභාවට රුපියල් මිලියන 50 ක්ද වෙන්කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ, දුම්වැටි විරෝධී ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 500 ක් ජනාධිපති අරමුදල වෙත පරිත්‍යාග කරන ලෙස ශ්‍රී ලංකා දුම්කොළ සමාගමෙන් තමා ඉල්ලා සිටින බවයි.