ප්‍රාග්ධන බද්ද බලපාන්නේ මෙහෙමයි

    November, 10, 2016

    2017 අයවැය මඟින් යෝජනා කරනු ලැබූ ප්‍රාග්ධන බදු ක්‍රියාත්මක වන ආකාරය අයවැය යෝජනාවලියේ මෙසේ දක්වා ඇත.

    නිශ්චල වත්කම් බැහැර කිරීමේ දී ලැබෙන ලාභ සඳහා සියයට 10 ක ප්‍රතිශතයක් යටතේ ප්‍රාග්ධන බද්ධ 2017 අප්‍රේල් මස 01 වැනි දින සිට පනවනු ලැබේ.

    මෙය රට තුළ ආදායම් පරතරය සමනය කිරීමට ඉවහල් වන අතර දරිද්‍රතාවය දුරු කිරීමේ රජයේ වැඩපිළිවෙලට ද සහය ලබා දෙනු ඇතැයි අපේක්ෂිතය.