November, 15, 2016
ලංකා දුම්කොළ සමාගම 2016 වසරේ පළමු මාස 09 තුළ දී රුපියල් බිලියන 75 ක බදු ආදායමක් රජය වෙත ලබා දී ඇතැයි සිය නවතම මූල්‍ය වාර්තා එලිදක්වමින් අනාවරණය කර සිටී. මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 20% ක ඉහළ යාමක් බවත්, මෙම බදු තුළ ආයතනික බදු, නිෂ්පාදන බදු හා වෙනත් බදු ඇතුළත් බවත් මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.
සමාගමේ ආදායම 2016 වසරේ පළමු මාස 09 තුළ දී රුපියල් බිලියන 99.12 ක් වන අතර එය පෙර වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයේ ආදායම වූ රුපියල් බිලියන 82.79 හා සන්සන්දනය කිරීමේ දී 19.72% ක වර්ධනයකි.
ලංකා දුම්කොළ සමාගම 2016 සැප්තැම්බර් 30 න් අවසන් කාලපරිච්ඡේදය තුළ දී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 10.58 ක ලාභයක් වාර්තා කර ඇත.
මේ අතර 2016 වර්ෂයේ මේ දක්වා කාලය තුළ දී කොටසකට රු. 48.30 ක ලාභාංශ ගෙවා තිබේ.