නෝනිස් අගලවත්තෙන් නික්මෙයි

    November, 16, 2016

    අගලවත්ත වැවිලි සමාගමේ සභාපති ධූරයෙන් පසුගිය නොවැම්බර් 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ඉවත් වන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    තවද වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සමඟින් එහි අධ්‍යක්ෂ ධූර දැරූ රේමන්ඩ් කැම් මැන්, ෆ්‍රැන්සිස් ලලිත් ෆොන්සේකා, සෙනරත් චන්දු ජයලාල් දේවේනද්‍ර සහ ෂෙලීන්ද්‍රා මේරියන් ඇන්ඩ්‍රියා නෝනිස් රණවීර යන අයද 2016 නොවැම්බර් 11 වන දින සිට සමාගමේ අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වන බව දැනුම් දී ඇත.

    අගලවත්ත වැවිලි සමාගමේ 60% ක කොටස් හිමිකාරීත්වය දැරූ මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගම විසින් සිය අයිතිය 2016 ජූලි 14 වන දින බ්‍රවුන්ස් සමූහය වෙත විකුණා දමන ලදී.