November, 16, 2016
පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් එළඹෙන ලද දිගුකාලීන කොන්ත්රාත්තුවල කාලය මේ වන විට අවසන්ව ඇති අතර, දිගුකාලීන ටෙන්ඩර මඟින් සියලු ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීමේ අරමුණින්, දිගුකාලීන කොන්ත්‍රාත්තු 03ක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් වෙන වෙනම මිල ගණන් කැඳවනු ලැබ ඇත.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ (SSCAPC) නිර්දේශය පරිදි, 2016-12-01 දින සිට 2017-07-31 දින දක්වා වන කාලය සඳහා එකී දිගුකාලීන කොන්ත්‍රාත්තු 03 ප්රදානය කිරීම පිණිස ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.