November, 16, 2016
යතුරුපැදි සඳහා ඒකක අනුපාත ක්‍රමයක් යටතේ බදු අයකිරීමට මෙවර අයවැයෙන් යෝජනා වීමත් සමඟම ඉදිරියේ දී යතුරුපැදි මිල ගණන්වල ඉහළ යාමක් සිදුවිය හැකි බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී මෙරට ප්‍රමුඛ පෙළේ යතුරුපැදි අලෙවි සමාගමක නියෝජිතයෙකු කියා සිටියේ, නව බදු සංශෝධන පිළිබඳ කිසිදු දැනුම් දීමක් මේ වන තෙක් තම සමාගම වෙත ලැබී නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ, මෙම නව ඒකක බදු අනුපාත ක්‍රමය අනුව, යතුරුපැදි මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා විය හැකි බවත්, තවමත් තම සමාගම යතුරුපැදි අලෙවි කරන්නේ පැරණි මිල ගණන් යටතේ බවත්ය.
මෙම නව බදු ක්‍රමය 2017 ජනවාරි 01 දින සිට හෝ 2017 අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාවට නැංවීමට බොහෝ විට සිදුවිය හැකි බවත්, නව බදු ක්‍රමයේ සැකැස්ම පිළිබඳ රජය විසින් මේ දක්වා කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.