අපේ විරැකියාව වැඩිවුණේ ඇයි ?

    April, 13, 2014

    පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව වැඩිවී තිබේ. 2012 වාර්ෂික සේවා වියුක්ති අනුපාතය සියයට 4.0 ක්වූ අතර එය 2013 දී සියයට 4.4 ක් දක්වා වර්ධනය වී ඇත.

    මහ බැංකුව පවසන්නේ රැකියා අපේක්ෂාවෙන් ශ්‍රම වෙළඳපොළට නවකයින් විශාල ප්‍රමාණයක් පිවිසීම සේවා වියුක්ති අනුපාතය වැඩිවීමට හේතුවූ බවයි.

    මේ අනුව, 2012 දී මෙරට මිලියන 0.336 ක් සේවා වියුක්ත වූ අතර එම ප්‍රමාණය 2013 දී මිලියන 0.384 ක් දක්වා වර්ධනය වී තිබේ.