කොටස් බලපත්‍ර පරිවර්තනයෙන් ජෝන් කීල්ස් බිලියන 3 ක් රැස් කර ගනී

    November, 21, 2016

    කොටස් බලපත්‍ර මිලියන 57 කින් කොටස්වලට පරිවර්තනය කර ඇත්තේ මිලියන 27 යි

    කොළඹ අගනගරයේ මේ වන විට දියත් වෙමින් පවතින දැවැන්ත ව්‍යාපෘතියක් වන ‘සිනමන් ලයිෆ්‘ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා නිකුත් කරන ලද කොටස් බලපතු හෙවත් වොරන්ට්ස් වලින් රුපියල් බිලියන 3.17 ක මුදලක් සම්පාදනය කර ගැනීමට හැකි වූ බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී නිවේදනය කර සිටී.

    සමාගම විසින් නිකුත් කර තිබූ කොටස් බලපත්‍ර 57,464,155 කින්, කොටස් බවට පරිවර්තනය කිරීම සඳහා මුදල් ගෙවා ඇත්තේ කොටස් බලපත්‍ර 21,279,672 කට පමණක් වීම මෙහි ඇති විශේෂත්වයයි.

    කෙසේ වෙතත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා සිටින්නේ ‘සිනමන් ලයිෆ්‘ ව්‍යාපෘතිය වෙනුවෙන් වන හිමිකම් සහ ණය මූල්‍යයන අවශ්‍යතා මේ වන විට සපුරා ඇති බවයි.