දුම්රිය මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය හඳුන්වාදෙයි

    November, 30, 2016

    දුම්රිය මෙහෙයුම් කටයුතු වඩා කාර්යක්ෂමව සහ ආරක්ෂිතව සිදු කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයට නවීන තාක්ෂණය හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

    ඒ අනුව, ශ්‍රී ලංකා දුම්රිය සේවයට හා මහජනතාවට වාසි අත් කර දීමේ අරමුණින්, දුම්රිය ගමන් කරන නිශ්චිත ස්ථානය හා වේගය සිතියම් මඟින් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව සහිත ගෝලීය පිහිටුම් පද්ධතිය (Global Positioning System - GPS) මත පදනම් වූ 'දුම්රිය මෙහෙයුම් තොරතුරු පද්ධතියක්' (Train Operating and Information System -TOIS) ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ප්‍රසම්පාදනය කර, දැනට භාවිත කරනු ලබන දුම්රිය වේලා සටහන් කිරීමේ පද්ධතිය හා සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.