December, 1, 2016
ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට (LECO) වාර්ෂිකව අවශ්‍ය වන 250,000කට වැඩි විදුලි මනු ආවරණ ප්‍රමාණය, තරඟකාරී ලංසු කැඳවීම මඟින් විවෘත වෙළඳපොළෙන් දැනට සපයා ගනු ලබන අතර, විවිධ අවස්ථාවල ඇතිවන භාණ්ඩ හිඟය නිසා එමඟින් පාරිභෝගික ඉල්ලීම නිසි පරිදි සපුරා ලීමට නොහැකි වී තිබේ.
මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, විදුලි මනු ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්, ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා එනර්ජීස් පෞද්ගලික සමාගම මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව කාර්මික කලාපයේ පිහිටුවීමටත්, එමඟින් නිපදවනු ලබන විදුලි මනු ආවරණ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම වෙත සැපයීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Video Story