December, 1, 2016
ලංකා IOC සමාගම සිය ඉන්ධන වර්ග දෙකක මිල අද සිට ඉහළ දමා තිබේ. මේ අනුව ලංකා IOC සමාගම විසින් අලෙවි කරනු ලබන XTRA PREMIUM Euro 3 පෙට්‍රල් මිල සහ XTRA MILE ඩීසල් මිල රු. 2 බැගින් ඉහළ යනු ඇත.
පසුගිය අගෝස්තු 20 වන දින සිට ඩීසල් සඳහා නිෂ්පාදන බදු රු. 10 සිට රු. 13 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කළ අතර මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ශ්‍යාම් බෝරා මහතා කියා සිටියේ මෙම පසුබිම තුළ ලංකා IOC සමාගම පමණක් නොව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද බලපෑමකට ලක්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මිල යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පැවසූ ලංකා IOC කළමනාකාර අධ්යක්ෂවරයා එහිදී පැවසුවේ මෙම ව්‍යාපාරය පවත්වා ගෙන යාම පමණක් තමන්ට අවශ්‍ය බවත්, විශාල ලාභ ආන්තික බලාපොරොත්තු නොවන බවත්ය.
මෙම නව මිල සංශෝධනයත් සමඟම XTRA PREMIUM Euro 3 පෙට්‍රල් ලීටරයක මිල රු. 123 ක් වන අතර XTRA MILE ඩීසල් ලීටරයක මිල රු. 99 ක් වේ.
ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ශ්‍යාම් බෝරා මහතා මීට පෙර අද දෙරණ වෙත දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=rNgeoSfzZ6Q
Video Story