නොවැම්බරයේ දී සංචාරක පැමිණීම සියයට 16 කින් ඉහළට

    December, 7, 2016

    ගෙවී ගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 167,217 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා මගින් අනාවරණය කර සිටී. මෙය පසුගිය 2015 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 144,147 හා සැසඳීමේ දී 16% ක වර්ධනයකි.

    මේ අනුව 2016 වසරේ මුල් මාස 11 තුළ දී 1,826,041 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබේ. මෙය පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ගණන වූ 1,798,380 සීමාව ද ඉක්මවා යාමකි. තවද 2015 වසරේ මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය වන 1,592,266 ට වඩා 14.7% ක සංචාරකයින් ප්‍රමාණයක් 2016 මුල් මාස 11 තුළ දී මෙරටට පැමිණ ඇත.

    මෙම වසරේ දී මිලියන 2.2 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර දෙසැම්බර් මාසයේ දී මෙරටට අපේක්ෂිත සංචාරක ආගමනයත් සමඟම ඉතා පහසුවෙන් මෙම ඉලක්කය සපුරා ගත හැකි වෙතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    සුපුරුදු පරිදි මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් බහුතරයක් ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 318,784 ක් ලෙසින් සටහන් වේ. මෙය පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයට වඩා 13.5% ක වර්ධනයකි. මෙහිදී කැපී පෙනෙන කරුණ නම් 2015 වසරේ මුල් මාස 11 පැමිණි චීන සංචාරකයින් ප්‍රමාණයට වඩා 26.8% ක වැඩි ප්‍රමාණයක් 2016 වසරේ මෙම කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ තිබීමයි. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි රුසියානුවන් සංඛ්‍යාවේ 10.1% ක පහළ යාමක් මෙම කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වී තිබේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් එළි දක්වන ලද නවතම දත්ත වාර්තා සටහන පහත දැක්වේ.