December, 14, 2016
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පර්යේෂණ හා පුහුණු කටයුතු පුළුල් කිරීම තුළින් එම කර්මාන්තය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ලබා දෙනු ලබන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීම මැණික් හා ස්වරණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ පරමාර්ථය වේ.
උසස් කුසලතාවකින් හෙබි ශ්‍රී ලාංකික ශිල්පීන් හට විදේශ රැකියා අවස්ථා උදා කරගැනීමට අවකාශ සැලසීමත්, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපන ආයතනයක් බවට මැණික් හා ස්වරණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනය පත් කිරීමත් අරමුණු කරගනිමින්, එම ආයතනය මඟින් ලබා දෙනු ලබන පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සඳහා නිපුණතා සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබේ.
Video Story