ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නව ප්‍රවණතා සහ කොටස් වෙළෙඳපොළ පිළිබඳ විද්වත් සාකච්ජාවක් රත්නපුරදී

    December, 15, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ රත්නපුර ශාඛාව විසින් ආයෝජකයින්ගේ දැනුවත් භාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නව ප්‍රවණතා සහ කොටස් වෙළෙඳපොළ පිළිබඳ විද්වත් සාකච්ජාවක් රත්නපුර ප්‍රදේශයේ කීර්තිමත් ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුර සප්තපාදී උත්සව ශාලාවේදී සාර්ථක ලෙස පවත්වන ලදී.

    මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය Chevron Lubricant Lanka PLC හි කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස් මහතා විසින් පවත්වන ලද අතර එහිදී වර්තමාන ව්‍යාපාර ලෝකයේ අනාගත ප්‍රවණතා,බලශක්ති සහ ලිහිසි තෙල් ව්‍යාපාරයේ අනාගත වර්ධනය පිළිබඳ දීර්ඝ දේශනයක් පවත්වන ලදී. ඉන් අනතුරුව කොටස් වෙළෙඳපොළ ව්‍යාපාර ක්ෂේත්‍ර පිළිබඳ විශ්ලේෂණය NDB තැරැව්කාර සමාගමේ පර්යේෂණ අංශ ප්‍රධානී සිදත් කල්‍යානරත්න මහතා විසින් පවත්වන ලදී.

    ප්‍රධාන දේශන වලින් අනතුරුව ආයෝජකයින්ට පැන නැගී ඇති ගැටළු පිළිබඳ සාකච්ජාවක් පැවති අතර කොටස් වෙළෙඳපොළ සංවර්ධන අංශ ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර, Chevron Lubricant Lanka PLC හි ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස්, NDB තැරැව්කාර සමාගමේ පර්යේෂණ අංශ ප්‍රධානී සිදත් කල්‍යානරත්න, කොටස් වෙළෙඳපොළ රත්නපුර ශාඛාවේ කළමණාකරු හේමාල් වීරසිංහ යන අය මීට සහභාගී වූහ.