December, 16, 2016
ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් දෙරටේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් සහභාගී වූ ව්‍යාපාරික සමුළුවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ක්වාලාලම්පුර් නුවරදී පැවැත්විණි.
දෙරටේ ආයෝජන මණ්ඩල, අපනයන සංවර්ධන මණ්ඩල සහ මහකොමසාරිස් කාර්යාල එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර දෙරටේ ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් මීට එක්විය.
දෙරටේ ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීම සහ නව ප්රවේශයන් ඇති කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ඒ සඳහා ඉදිරියේදී එකඟතාවයන් රැසකට එළැඹීට ද නියමිතය.
ඉදිරි වසර තුන ශී‍්‍ර ලංකාවේ සංවර්ධන වර්ෂ ලෙස නම් කර තිබෙන අතර නොබියව ශී‍්‍ර ලංකාවට පැමිණ ආයෝජන සිදු කරන ලෙස එම ආයෝජකයින්ට ආරාධනා කළ ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට රජය සුදානම් බව ද කියා සිටියේය.
Video Story