December, 21, 2016
රියු ශ්‍රී ලංකා හෝටලය පසුගියදා පැවති එක්ස්පීඩියා වාර්ෂික හවුල්කාර සම්මාන උළෙලේදී වසරේ නැගී එන තාරකාව ලෙස සම්මානයට පාත්‍ර විය. 2016 වසරේ අගෝස්තු මසදී දෙස්-විදෙස් ජනතාව වෙනුවෙන් දොරගුළු විවර කළ රියු ශ්‍රී ලංකා හෝටලය, එම හෝටල් දාමයේ ආසියානු මහද්වීපයේ පළමු හෝටලය බවට පත් වීම විශේෂත්වයකි. අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි මනස්කාන්ත සහ ශාන්ත වටපිටාවකින් සමන්විත මෙම හෝටලය ශ්‍රී ලාංකේය සුන්දරත්වය විඳීමට රිසි සංචාරකයන්ට මෙන් ම සිය නිවාඩුව විවේකීව ගත කිරීමට අපේක්ෂා කරන පිරිසට ද කදිම තෝතැන්නකි.
මුහුදු වෙරළට මුහුණලා දැකුම්කළු පසුබිමක අලුතින් ඉදි කෙරුණු මෙමං හෝටලය පැය 24 පුරා ක්‍රියාත්මක පරිපූර්ණ සේවාවක් පිරිනමන අතර විශාල පිහිනුම් තටාක තුනකින්, ළමා පිහිනුම් තටාකයකින්, අව්ව තැපීමේ මළු, ජකුසි, ව්‍යායාම් ශාලා මෙන් ම හෙයා ඩ්‍රෙසින් සහ සම්බාහන සේවාවලින් සමන්විත රෙනෝවා ස්පා මධ්‍යස්ථානය ඇතුළු සේවාවන් රැසකින් සමන්විත වේ. තරු පහේ හෝටලයක්වන මෙය සඳළුතල හෝ මළු, පැතලි තිර සැටලයිට් රූපවාහිනී, වායුසමීකරණ, විද්‍යුත් සේප්පු සහ මිනිබාර් පහසුකම්වලින් යුතු කාමර 501කින් සමන්විත වේ.
හෝටලය වෙත පැමිණෙන අමුත්තන් හට විවිධ රසයෙන් යුතු ආහාර අත්හදා බැලිය හැකි අතර, ආසියානු කලාපයට ආවේණික ආහාර Kaori භෝජනාගාරයෙන් ද, ඉතාලි සම්ප්රදායයේ ආහාර La Forchetta භෝජනාගාරයෙන් ද, වෙරළ තීරය අසළ බාබකියු අත්දැකීමක් Saute භෝජනාගාරයෙන් ද ඔවුන්ට ලබා ගත හැකිය.
මීට අමතරව "රිටි පන්න" සහ "සිලෝන්" යනුවෙන් බුෆේ භෝජනාගාර දෙකක් ද, නුවර, පර්පල් ලෝන්ජ්, ආෆ්ටර් අවර්ස් සහ ෆ්ලෙමිංගෝස් යනුවෙන් මධු පැන් ශාලා හතරක් ද හෝටලය සතුය.
මෙම රියු දාමයේ පළමු ආසියාතික පියවර රියු ශ්‍රී ලංකාවන අතර 2018 සහ 2019 කාලය තුළ තවත් හෝටල් තුනක් ඉදි කිරීමට ද සැලසුම් කර ඇත. ඉන් හෝටල් දෙකක් මාලදිවයිනේ ද, එක් හෝටලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී ද ඉදි කෙරේ.
1953 වසරේදී රියු පවුල විසින් මැලෝකාහිදී ආරම්භ කරන ලද ජාත්‍යන්තර රියු හෝටල් දාමය, මේවන එහි තුන්වන පරපුර විසින් පරිපාලනය කරනු ලබයි. නිවාඩු නිකේතන ක්ෂේත්රය තුළ විශේෂඥ සේවාවක් පිරිනමන එම සමාගම, සිය ඉදිකිරීම් අතුරින් 70% කට අධික ප්‍රමාණයක් තුළ කීර්තිමත් රියු පරිපූර්ණ සේවා ලබා දීමට ද කටයුතු කරයි. 2010 වසරේදී පළමු පුර හෝටලය ආරම්භ කිරීමත් සමග, රියු ප්ලාසා නම් සිය පුර හෝටල් දාමය ඇතුළු පුළුල් පරාසයක විහිදුනු සේවාවන් රැසක් පිරිනැමීමේ හැකියාවෙන් රියු හෝටල් දාමය සමත්ව සිටී. ලොව පුරා රාජ්‍යයන් 18ක පිහිටි 100 කට අධික රියු හෝටල් සහ නිකේතන වසරක් තුළ ආගන්තුකයන් මිලියන 4 කට අධික පිරිසක් සඳහා සේවා ලබා දෙන අතර එම දාමය තුළ සේවයෙහි නිරත කාර්යමණ්ඩල සාමාජික සංඛ්‍යාව 27,268 කි. ලෝක හෝටල් දාම අතරින් 29 වන ස්ථානයේ පසුවන රියු හෝටල් දාමය, කැරිබියන් දූපත්හි වඩාත් ජනප්‍රියත ම හෝටල් දාමයවන අතර, ආදායම් මට්ටම අනුව ස්පාඤ්ඤයේ විශාලත ම සහ කාමර ප්‍රමාණය අනුව තෙවැනි විශාලත ම හෝටල් දාමය ද වෙයි. වැඩි විස්තර සඳහා http://bit.ly/2hTr2df.
Video Story