2017 වන විට නව රැකියා රැසක්

    December, 22, 2016

    2017 වසර වන විට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ ඍජු ආයෝජන බොහොමයක් ලැබීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ මුදලේ අගය ශක්තිමත් වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    ආනයනය වැඩිවීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ විදේශ මුදල් රටින් බැහැරව ගෙන යාම ආදී හේතුවෙන් 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ රුපියලේ අගය අව ප්‍රමාණය විය.

    ලබන වසර වන විට හම්බන්තොට වරාය චීන රජයේ ආයෝජකයකු සමගින් ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ප්‍රාග්ධන වශයෙන් යෙදවීමට නියමිතය.

    මෙයට අමතරව තවත් විදේශ ඍජු ආයෝජන කිහිපයක් මත ප්‍රාග්ධන ය මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    තෙල් පිරිපහදුව, විදුලිය ජනනය කිරීම්, පශු සම්පත් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ ධීවර කර්මාන්ත ආදී ක්ෂේත්‍රවලට අදාළ ව මෙම විදේශ ඍජු ආයෝජන අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙමඟින් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි රට වේගවත් සංවර්ධනයක් කරා යොමු කිරීමට හැකිවන අතර නව රැකියා අවස්ථා ද බිහිවනු ඇත.