December, 22, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනය අවසානයේ දී ඒකක 6,209.65 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 17.68 ක පහළ යාමකි. කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙලෙසින් අද දිනයේ දී පහළ ගියේ අඛණ්ඩව 8 වන දිනයටයි.
මේ අතර අද දින පිරිවැටුම රුපියල් මිලියන 114.51 ක් ලෙසින් සටහන් වූ අතර 2016 වසරේ තනි දිනක් තුළ වාර්තා වූ අවම කොටස් වෙළෙඳපොළ පිරිවැටුම ලෙසින් ද මෙය වාර්තා වේ. එසේම එය 2014 මාර්තු 17 දිනෙන් පසු වාර්තා වූ අවම පිරිවැටුමයි. 2014 මාර්තු 17 දින කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුමේ වටිනාකම රුපියල් මිලියන 90.9 ක් විය.
Video Story