December, 22, 2016
ලංකා බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ණයකර නිකුතුව සඳහා ඇති වූ අධිදායකත්වය හේතුවෙන් එම නිකුතුව ඊයේ සවස 4.30 ට වසා දැමීමට කටයුතු කළ බව බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දි සිටී.
මූලික අදියරේ දී රු. 100 බැගින් වූ ණයකර මිලියන 50 ක් නිකුත් කිරීමට මෙහිදී පියවර ගත් අතර අධිදායකත්වයක් ඇතිවුවහොත් තවත් මිලියන 30 ක ණයකර ප්‍රමාණයක් නිකුත් කිරීමට එහිදී සැලසුම් කර තිබිණි.
මේ අනුව සම්පූර්ණ ණයකර නිකුතුව සඳහා රුපියල් බිලියන 8 ක දායකත්වයක් මේ වන විට ලැබී ඇති අතර ඒ හේතුවෙන් නිකුතුව 2016 දෙසැම්බර් 21 වන දින පස්වරු 4.30 ට වසා දැමීමට පියවර ගත් බව බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
Video Story