December, 23, 2016
ලන්ඩනයේ පිහිටි හිල්ටන් හෝටලයේ අති උත්කර්ෂවත් අයුරින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් සංවිධානය කර තිබූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ‘වසරේ බැංකුව’ ට හිමි සම්මානය ලබාගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී ජෙගන් දුරෙයිරත්නම් මහතා මේ මාසයේ මුලදී ලන්ඩනයට ගියේය.
මෙම ගෞරවණීය සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගත් 10 වන අවස්ථාව මෙය වන අතර මෙලෙස මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබෙන්නේ ලෝකයේ බැංකු කිහිපයක් පමණි. ජාත්‍යන්තර බැංකු සම්මාන ප‍්‍රදානයේ ‘ඔස්කාර්’ සම්මාන ප‍්‍රදානය ලෙසින් සැලකෙන මෙය 1926 දී ආරම්භ කරන ලද ‘ද බෑන්කර්’ සඟරාවේ නිර්මාතෘ මෙන්ම 1945 සිට 1958 දක්වා ෆයිනෑන්ෂියල් ටයිම්ස් සඟරාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ බ්‍රෙන්ඩන් බ‍්‍රැකන් මහතා සිහිවීම පිණිස ”බ‍්‍රැකන්ස්” සම්මාන ප‍්‍රදානය ලෙසින්ද හඳුන්වයි.
මෙම සම්මාන සඳහා සිදුකරන සංයුක්ත ඇගැයීම සඳහා ඉපයීම්, වත්කම් සහ පළමු පෙළ ප‍්‍රාග්ධන වර්ධනය, කොටස් වලට අදාළ ප‍්‍රතිලාභය, නවෝත්පාදනයන් හෝ තාක්ෂණය තුළින් දේශීය කර්මාන්ත සඳහා නව ප‍්‍රමිතීන් හඳුන්වාදීම යන සාධක පිළිබඳවද සලකා බලා ඇත
‘ද බෑන්කර්’ විසින් කොමර්ෂල් බැංකුවට පිරිනැමූ සම්මානය සමග දුරෙයිරත්නම් මහතා සේයාරුවෙන් දැක්වේ.
Video Story