December, 23, 2016
2016 නොවැම්බර් මාසය තුළ දී එකතු කළ අගය මත පනවන ලද බදු අනුපාතයන්ගේ නව හඳුන්වා දීම හේතුවෙන් මද්‍යසාර පාන සහ දුම්කොළ, සෞඛ්‍ය සහ සන්නිවේදන උප කාණ්ඩවල මිල ඉහළ යාම් දක්නට ලැබුණු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.
මෙහිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ඔක්තෝබර් මාසයේ දී වාර්තා කළ සියයට 5.0 සිට නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගොස් තිබෙන අතර මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2016 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ දර්ශක අංග 114.47 සිට 2016 නොවැම්බර් මාසයේ දී දර්ශක 116.6 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මාසික ඉහළ යාම සඳහා ආහාර නොවන අයිතම කාණ්ඩයේ රෙදිපිලි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික හා විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන් හි මිල ගණන් ඉහළ ගොස් ඇත.
තවද ප්‍රවාහන සහ ආපන ශාලා සහ හෝටල් උප කාණ්ඩවල මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගිය අතර අධ්‍යාපන උප කාණ්ඩයේ මිල ගණන් නොවෙනස්ව පැවතුණි. ආහාර කාණ්ඩය තුළ සහල්, පොල්, එළවළු, දෙහි සහ අර්තාපල් මිල ගණන් නොවැම්බර් මාසය තුළ දී වැඩි වී ඇත.
Video Story