December, 23, 2016
ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 152 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේ (22) දී ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන ගැනුම් මිල රු. 148.35 ක්වූ අතර එහි විකුණුම් මිල දැක්වුණේ රු. 152.12 ක් පරිද්දෙනි.
මේ අතර අද (23) දින ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 148.602 ක් ලෙසින් දැක්වුණු අතර විකුණුම් මිල රු. 152.37 ක් ලෙසින් සටහන් විය.
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී මුදල් තැරැව්කරුවකු කියා සිටියේ ඩොලරයක් සඳහා ගැනුම් සහ විකුණුම් අනුපාතික එසේ වුවද, අද දිනයේ දී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ස්ථානීය ගනුදෙනු මිල (Spot rate) රු. 149.76 ක් බවයි.
පහත දැක්වෙන්නේ ශ්රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී නිකුත් කරන ලදි විනිමය අනුපාත සටහනයි.
Video Story