දින 9 කට පසු කොළඹ කොටස් උඩ යයි

    December, 23, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6.91 කින් ඉහළ ගොස් ඒකක 6,216.56 ක් ලෙසින් වාර්තා විය. අඛණ්ඩව දින 9 ක් පුරාවට පහළ වැටීමෙන් පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි.

    අද දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 125.12 ක් ලෙසින් වාර්තා වූ අතර වසරේ අඩුම පිරිවැටුම් අගය වූ රුපියල් මිලියන 114.51 ඊයේ (22) දිනයේ දී වාර්තා විය. අද දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. මිලියන 94.30 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 90.09 ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 30.55 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 34.76 ක් ලෙසින් සටහන් විය.

    දිනයේ වැඩිම පිරිවැටුම කාගිල්ස් සමාගමේ කොටස් ගනුදෙනු තුළින් වාර්තා වූ අතර එය රුපියල් මිලියන 39.86 ක් ලෙසින් දැක්විණි. මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි රුපියල් මිලියන 33.36 ක වටිනාකමකින් යුතු කොටස් අද දිනයේ දී ගනුදෙනු වී තිබිණි. ඒ හැරෙන්නට සෙසු එකදු සමාගමක හෝ කොටස් ගනුදෙනු තුළින් රුපියල් මිලියන 10 ඉක්ම වූ පිරිවැටුමක් වාර්තා වී නොතිබිණි.