December, 27, 2016
දිවයින පුරා පාසැල් මට්ටමින් ස්ථාපිත කර තිබෙන තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ තව දුරටත් සවිබල ගැන්වීමට පියවර ගැනේ.
ඒ අනුව පාසැල් ප්‍රජාව සඳහා ඩිජිටල් අධ්‍යාපනය සහ ඩිජිටල් තාක්ෂණය පිලිබදව දැනුම ලබා දෙනු ඇත.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ.
මෙහිදී නවීන තොරතුරු තාක්ෂණ උපකරණ භාවිතය පිළිබදව ද ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන බව නියෝජිතායතනය පවසයි.
විශේෂයෙන්ම මෙහිදී පාසැල් ප්‍රජාවට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පවතින අනාගත අවස්ථාවන් උදාකර ගැනීම මෙන්ම සයිබර් අවකාශය තමාට මෙන්ම සමාජයට හිතකර ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිලිබදවද දැනුවත් කරන බවද නියෝජිතායතනය පවසයි.
දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි අධ්‍යාපන කලාප මට්ටමින් එක් වරකට පාසැල් 15කට පමණ මෙම පුහුණුව ලබා දෙන අතර තෝරාගත් පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගුරුමහත්ම මහත්මීන් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් මේ සදහා එක්කර ගැනේ.
මේ වන විට අනුරාධපුරය පොළොන්නරුව රත්නපුරය කෑගල්ල මාතලේ මහනුවර මොණරාගල බදුල්ල නුවරඑළිය හා පුත්තලම යන දිස්ත්‍රික්ක වල මෙම වැඩසටහන සාර්ථකව අවසන් කර තිබේ.
මේ වන විට තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සමාජ ස්ථාපිත කර නොමැති පාසැල් වල එම සමාජ ස්ථාපිත කිරීමටද මෙහිදී පියවර ගැනේ.
Video Story