December, 27, 2016
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (27) දිනයේ දී රු. 151.55 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනෙහි මේ බව සඳහන් වේ.
මීට පූර්ව දින විනිමය අනුපාත සටහනට අනුව 2016 දෙසැම්බර් 23 දින ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු. 152.97 ක් පරිද්දෙනි. එදින ඩොලරයක් සඳහා ගැනුම් මිල රු. 148.60 ක් ලෙසින් වාර්තා වු අතර අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 147.79 ක් දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී නිකුත් කරන ලද විනිමය අනුපාත සටහන පහත දැක්වේ.
Video Story