December, 28, 2016
අමායා ලෙසර් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වූ ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම විකුණා දැමීමට අමායා ලෙසර් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කටයුතු කරන ලදී. මේ අනුව රුපියල් මිලියන 330 කට ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි පූර්ණ අයිතිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අත්පත් කර ගෙන ඇත.
ධම්මික පෙරේරා, අමායා ලෙසර් පීඑල්සී සහ ද බීච් රිසෝට් ලිමිටඩ් යන සමාගම් දෙකේ ද අධ්‍යක්ෂවරයෙකු වේ.
අමායා ලෙසර් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇති පරිදි ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් 6,176,790 ක් ඊයේ (27) දින රු. 330,111,191/- කට අලෙවි කර ඇත. මෙය සමාගමේ සමස්ත ප්‍රාග්ධනයෙන් 84.30% කි.
Video Story