December, 28, 2016
ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සහ අපනයනයන් වෙත වටිනාකමක් එකතු කිරීමේ පුරෝගාමී ව්‍යාපාරය සමූහය වූ හේලීස් තම නවතම ව්‍යාපෘතිය වන ‘World Export Centre’ ගොඩනැගිලි ද්විත්වයේ ආරම්භය නිවේදනය කරන ලදී.
ලොව විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පයේ හැඩතල ශ‍්‍රී ලංකාව තුළ සනිටුහන් කරමින් ඉදිකෙරෙන මෙම ගොඩනැගිලි ද්විත්වය මහල් 55 බැගින් වර්ග අඩි මිලියන 3.8ක වාණිජ කාර්යාල පරිශ‍්‍රයන් සඳහා ඉඩ කඩ ලබා දෙයි.
ඉදිකිරීමට යෝජිත මෙම ගොඩනැගිලි ද්විත්වය සේවකයින් 20,000කට සේවා පහසුකම් සපයන අතර මෝටර් රථ 2000ක් නවතා තැබිය හැකි රථ ගාලකින් සහ සෙසු සපහසුකම් සැපයීම සඳහා මහල් 3කින්ද සමන්විත වනු ඇත. ශ‍්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් කරා යොමු වී ඇති තීරණාත්මක අවස්ථාවක ඉදිවෙන මෙම අපනයන මධ්‍යස්ථානය ශ‍්‍රී ලාංකීය අපනයන ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බැවින් අපනයන දිරිගැන්වීම සඳහා මෑතකදී ආරම්භ කරන ලද මෙබඳු ව්‍යාපෘතීන් සඳහා රජය ලබා දුන් සහාය මෙම ව්‍යාපෘතිය සඳහාද එලෙසම ලබාදීම අත්‍යාවශ්‍ය වන්නේ අපනයන ආර්ථිකයක පදනම යටිතල පහසුකම් හරහා සකස් වන බැවිනි.
එමෙන්ම මෙම ගොඩනැගිලි ද්විත්වය ශ‍්‍රී ලාංකීය හා ගෝලීය අපනයනකරුවන්ට තම අපනයන නිෂ්පාදන හා සේවා දෙස් විදෙස් ගැණුම්කරුවන්ට ප‍්‍රදර්ශනය කිරීමට තැනෙන වේදිකාවක්ද වන බැවින් ශ‍්‍රී ලංකාව ගෝලීය අපනයන ක්ෂේත‍්‍රයේ අනාගත කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැංවීමටද මෙබඳු ව්‍යාපෘතීන් හරහා හැකියාව ලැබෙනු ඇත.
Video Story