December, 29, 2016
පෑන්ඒෂියා බැංකු සමාගමේ තෙවැනියට විශාලතම කොටස්කරුවා වූ CHC ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම, සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද (29) දිනයේ දී විකුණා දැමීය.
පෑන්ඒෂියා බැංකුවේ කොටස් මිලියන 29 කට CHC ඉන්වෙස්ට්මන්ට් විසින් හිමිකම් කියූ අතර, රු. 21.00 බැගින් අදාළ කොටස් ප්‍රමාණය මෙහිදී අලෙවි කරන ලදී.
මේ අනුව පෑන්ඒෂියා බැංකුවේ කොටස් 29,073,325 ක් රු. 21.00 බැගින් වූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 610.53 ක පිරිවැටුමක් අද වාර්තා විය.
CHC ඉන්වෙස්ට්මන්ට් යනු පාර්ශව තුනක ඒකාබද්ධ ආයෝජන හස්තයකි. ගෝල්ෆේස් හෝටල් සමූහය, හයිඩ්‍රාමනී සමූහය සහ කෝටිපති ආයෝජක අජිත් දේවසුරේන්ද්‍ර යන පාර්ශව ත්‍රිත්වයෙන් CHC ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම සමන්විත වේ.
මෙම ගනුදෙනුවේ ගැණුම්කාර පාර්ශවය මෙතෙක් අනාවරණය වී නොමැත.
අදාළ කොටස් ප්‍රමාණය පෑන්ඒෂියා බැංකුවේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 9.85% කි.
Video Story