January, 2, 2017
ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ 2016 විශිෂ්ට ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හරිතාගාර වායු මුදාහැරීම් විශ්ලේෂණයේ හොඳම ව්‍යාපෘතිය සඳහා පළමු ස්ථානයත් වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 15ට අඩු ව්‍යාපාර කාණ්ඩයේ දෙවැනි ස්ථානයත් දිනාගැනීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) ආයතනය සමත් විය.
මේ වසරේ පැවැති ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ රන් සම්මානය ද SLIM සන්නාම විශිෂ්ටතා උළෙලේදී සේවා සන්නාම කාණ්ඩයේ හා ආයතන සමාජ සත්කාර කාණ්ඩයේ රිදී සම්මාන ද දිනාගැනීමට CDB ආයතනය ට හැකිවිය. එමෙන්ම ගිය වසරේදී විශිෂ්ට ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 15ට අඩු ව්‍යාපාර කාණ්ඩයේ පළමු ස්ථානය ට පත්වූ CDB ආයතනය, ශ්‍රී ලංකාවේ විශාලත ම ව්‍යාපාර පුරවැසියන් දස දෙනා අතරට ද එක්විය.
මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ය. ප්‍රජාව, ලාභය හා පරිසරය යන තුන්විධ ව්‍යාපාරික වගකීම ඉටුකළ ව්‍යාපාර ආයතන සියල්ලම මෙහිදී ඔහුගේ ප්‍රශංසාවට ලක්විය. මෙවැනි ගෞරව සම්මානයක ට පාත්‍ර වූවා මෙන්ම මිනිසත්කම වෙනුවෙන් කැපවෙමින් ඉහත කී ව්‍යාපාරික වගකීම් ඉටුකිරීමට ගනු ලැබූ පියවර නිසාවෙන්ම එය නිහතමානී ආඩම්බරයක් CDB වෙත සමීප කර තිබේ. පාර්ශ්වකරුවන් බලගැන්වීම, සමාජ වගකීම, විනිවිද බවින් යුත් ආයතනික පාලනය හා පාරිසරික සංවේදී බව සඳහා ද CDB විශේෂ කැපවීමක් පෙන්නුම් කරයි. ආචාර්ය සමන් කැළෑගම වැනි ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යාඥයකු විසින් මුලසුන දැරූ විනිසුරු මඬුල්ලක් මගින් මෙවැනි සම්මානයක ට පාත්‍ර වීම එම කැපවීමේ අභිමානය තීව්ර කරන්නකි.
වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 15ට අඩු ව්‍යාපාර කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනාගැනීමත් සමග CDB ආයතනය සතු ශක්තිමත්, ස්ථීර හා පෙරදැක්මක් සහිත ව්‍යාපාරික නායකත්වය පිලිබිඹු වන අතර නේකවිධ වූ කාණ්ඩ ගණනාවකින් හොඳම ව්‍යාපෘතිය අත්කරගැනීමෙන් CDB හි පාරිසරික වශයෙන් පවතින පුළුල් අවධානය මනාව පෙන්නුම් කෙරිණ.
“අප විසින් පරිසරයට මුදාහරිනු ලබන හරිතාගාර වායු ප්‍රමාණ අවම කිරීමට කටයුතු කළේ පරිසර දූෂණය වළක්වා ගැනීමේ උවමනාව පෙරදැරි කොටගෙනයි. ඒ අනුව අපගේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ අපි හරිතාගාර වායු මුදාහැරීමේ විශ්ලේෂණයක් පැවැත්වූවා. ඒ හරහා පිටවන හරිතාගාර වායු ප්‍රමාණය මැනබැලීමටත්, එය ක්‍රමානුකූලව අඩු කොට අපගේ වාර්ෂික තිරසාර වැඩසටහනේ ප්‍රධාන අංගයක් කිරීමටත් පියවර ගත්තා” යනුවෙන් මෙම ව්‍යාපාර වගකීම් සහගත භාවය වෙත ආයතනය යොමුකිරීමේ නායකත්වය සැපයූ CDB හි කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ‘මිහිකතට ආදරෙන්’ යන තේමාව ඔස්සේ දියත් කර ඇති CDB හි පරිසර සංරක්ෂණ වැඩසටහන ආරම්භයේ පටන් CDB කාර්ය මණ්ඩලය පමණක් නොව පාරිභෝගිකයින්, සැපයුම්කරුවන්, ප්‍රජාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වූවක් වන බව ය. “සෑම වසරකදීම පරිසර හිතකාමී භාවිතාවක යෙදෙමින් අපගේ සියලු පාර්ශ්වකරුවන් අතර පරිසරය පිළිබඳ සංවේදීතාව වර්ධනය කිරීමට අප පියවර ගෙන තිබෙනවා” යැයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය. මේ අතර පරිසරය වෙනුවෙන් වූ තම වගකීම් සගහත භාවය මනාව පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාවේ පළමු පාරිසරික වත්කම් පදනම් කරගත් සුරැකුම් ඉදිරිපත් කළ ආයතනය ද CDB වේ.
තව ද ශ්‍රී ලංකා කාබන් පදනම විසින් නිකුත් කරන ලද ISO 14064-1 තත්ත්ව සහතිකය පිළිගනිමින් කාර්යාල ප්‍රවාහන සේවා වාහනවලත් නිල ගුවන් සංචාරවලදීත් කාබන් පරීක්ෂාවන් සිදුකිරීමත් ප්‍රධාන කාර්යාලයේ ශක්ති පරිභෝජනය මැන බැලීමත් CDB විසින් නිසි පරිදි සිදුකෙරේ. 2015 වසරේදී කාබන් ටොන් 677ක පිටවුමක් CDB වෙතින් වාර්තා වුණු අතර හරිතාගාව වායු පිටවීම මැනබැලීමටත් වාර්තා කිරීමටත් ආයතනික මට්ටමින් පියවර ගැනීමත් සමඟ ISO 14064-1 තත්ත්ව සහතිකය දිනාගනිමින් එම සහතිකය හිමිකර ගත් ප්‍රථම දකුණු ආසියානු මූල්‍ය ආයතනය බවට පත්වීමට ද CDB ආයතනයට හැකිවිය.
මහේෂ් නානායක්කාර මහතා පවසන ආකාරයට මෙසේ විශාල කැපවීම් මධ්‍යයේ මේ ලබාගත් ජයග්‍රහණ ද්විත්වය සැබවින්ම සැමරිය යුතු දැවැන්ත ජයග්රහණයන් වේ. “අපගේ සුවිශේෂීත්වය පළ කරනු ලැබ ඇත්තේ ව්‍යාපාර වශයෙන් හෝ පාරිභෝගික සේවා සැපයීම අතින් හෝ අප දක්වන විශිෂ්ටත්වයෙන් පමණක් නොවේ. ව්‍යාපාරික වගකීම් සහගත බව තුළින් අප දක්වා ඇති සුවිශේෂීත්වයත් අති විශිෂ්ටයි. මූල්‍යමය බලගැන්වීමත් සමාජ අන්තර්ගතභාවයත් කියන ලක්ෂණ දෙකම ඒ අනුව අපගේ පාර්ශ්වකරුවන් වෙත සැපයෙනවා. අතිශය තරගකාරී මූල්‍ය සේවා වටපිටාවක වසර 21ක් තිස්සේ සාර්ථකව ගමන්කිරීමට අපට ශක්තිය සැපයුණේ එමඟිනුයි” යනුවෙන් නානායක්කාර මහතා කියා සිටියේය.
CDB ආයතනයේ තිරසාර ක්‍රියාකාරකම් වෙනුවෙන් වන තීරණ ගැනීමේ ක්‍රියාවලියට නායකත්වය සපයන්නේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය වන අතර දැඩි කැපවීමකින් සේවය කරන කාර්ය මණ්ඩලය හරහා ඒවා ක්‍රියාවට නැංවේ. තමන් හා එක්ව කටයුතු කරන මේ සියලු පාර්ශ්ව CDB ආයතනයේ තිරසාර වැඩසටහනේ කොටස් ලෙස ද හඳුනාගැනේ. “බැංකු නොවන මූල්‍ය ක්ෂේත්රයේ සිටින පිළිගත් ආයතනයක් වශයෙන් නිරන්තරයෙන් ම පරීක්ෂාකාරීව කටයුතු කරමින් අපගේ පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභදායී ලෙස ක්‍රියාවන්හි යෙදීම අපේ හුරුවක්. අපගේ සුවිශේෂී ව්‍යාපාර ආකෘතිය තුළින් මූල්‍ය සේවා අංශයේ පෙරමුණ ගනිමින් විශේෂයෙන්ම ග්‍රාමීය අංශයට ණය පහසුකම් සපයමින් වෙළෙඳපොළ තුළ සවිමත් තිරසාර පදනමක් නිර්මාණය කරගැනීමට අපට හැකිවී තිබෙනවා” නානායක්කාර මහතා නැවතත් අවධාරණය කරමින් පැවසීය.
මේ අතර වාර්ෂික ව එහි මූල්‍ය සාර්ථකත්වයට හේතුවක් වී ඇති හැඟීම්, ඇල්ම, ජීව ගුණය (Emotions, Passion & Spirit) ලෙස නිර්මාණය කරන ලද CDB ආයතනයේ සේවක අනුකූලතා පද්ධතිය ද තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. එපමණක් නොව පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ද සහිතව ක්‍රියාත්මක ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’ වැඩසටහන, පූර්ණ පහසුකම් සහිත පරිගණක විද්‍යාගාර පිහිටුවන ‘CDB පරිගණක පියස’, කාන්තාවන් සවි බලගැන්වීමේ ‘CDB දිරිලිය’ හා සේවක ස්වේච්ඡා සේවය දිරිමත් කරවන ‘CDB හිතවත්කම්’ ආදී ව්‍යාපෘති රැසක් ද මෙරට ප්රමුඛ පෙළේ වගකීම් සහගත ව්‍යාපාර ආයතනයක් ලෙස ඉදිරියට ඒමට CDB වෙත හේතුසාධක සපයා තිබේ. “විශිෂ්ට ආයතනික පුරවැසියෙක් බවට පත්වීම අපට නම් අතිශයෝක්තියන් නොවෙයි. අපගේ කැපවීම ක්‍රියාවෙන් ඔප්පු වී තිබීම නිසා මේ සම්මාන ලද බව මාගේ දැඩි විශ්වාසයයි” යනුවෙන් මහේෂ් නානායක්කාර මහතා අවසාන වශයෙන් පැවසීය.
සේයාරුව - ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කළ 2016 විශිෂ්ට ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී සම්මාන හිමිකරගත් CDB කණ්ඩායම
Video Story