January, 5, 2017
තමන් මිලදී ගන්නා නිෂ්පාදන, තාක්ෂණය සහ සේවාවන්ගෙන් උපරි ම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පාරිභෝගික ජනතාවට සහයෝගය ලබා දීම වෙනුවෙන් නිබඳව කැපවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම CAT 360° ADVANTAGE වැඩසටහන පසුගියදා හඳුන්වා දුන්නේය.
UTE සමාගමේ විශේෂඥ දැනුම, තාක්ෂණය මත පදනම් වූ උපාංග සහ සහයෝගී සේවා ලබා දීම වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම වැඩසටහන, පාරිභෝගිකයන් හට වැඩ පරිශ්‍ර තුළ මුහුණ දීමට සිදුවන අභියෝගයන් ජය ගැනීම සඳහා උපකාරී වේ. කැටපිලර් සමාගමේ ගෝලීය කණ්ඩායමක් සමග අත්වැල් බැඳ ගනිමින් UTE සමාගම දේශීය යන්ත්‍රෝපකරණ හිමිකරුවන් සහ ආයෝජකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමට කටයුතු කළේය.
ව්‍යාපාර ඵලදායීව සහ ලාභදායිව වර්ධනය කර ගැනීම සඳහා පාරිභෝගිකයන් හට අත්වැලක් සපයමින් UTE සමාගම Cat 320D2 එක්ස්කවේටර් යන්ත්‍ර සමග CAT 360° ADVANTAGE විශේෂ වැඩසටහන ද පිරිනමයි. "මෙම නවත ම වැඩසටහන හඳුන්වා දීමත් සමග පාරිභෝගිකයන් හට අපගේ විශිෂ්ට සේවාවන්, අමතර කොටස් සහ ලෝක මට්ටමේ පාරිභෝගික සේවාවන් පිළිබඳ අමතර රැකවරණයක් හිමි වනවා. අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් දේශීයව ලබා ගැනීමේ හැකියාව මෙන්ම, නිවැරදි වෙලාවට නිවැරදි අමතර කොටස් සහ සේවාවන් ලබා දීම ද මෙම වැඩසටහන මගින් වඩාත් පහසු වනවා. මෙමගින් අපගේ නිෂ්පාදන සඳහා අමතර අගයක් එකතුවනු ඇති බව අපගේ විශ්වාසයයි." UTE සමාගමේ යන්ත්‍රෝපකරණ විකුණුම් අංශයේ කළමනාකාර රජිත් රණසිංහ මහතා සඳහන් කළේය.
යන්ත්‍රෝපකරණ කළමනාකරණ සේවා, නඩත්තු නිවාරණ අමතර කොටස් සහ සේවා, කාලය දීර්ඝ කරන ලද වගකීම් සහතික, අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාව පිළිබඳ වගකීම සහ සේවා ප්‍රතිචාර කාලය පිළිබඳ වගකීම ඇතුළු සේවාවන් රැසක් CAT 360° ADVANTAGE වැඩසටහන තුළ ඇතුළත් වේ. යන්ත්‍රෝපකරණ කළමනාකරණ විසඳුම් සහ නඩත්තු නිවාරණ සේවාවන් මගින් පාරිභෝගිකයන් හට යන්ත්‍රෝපකරණ පිළිබඳ මාසික වාර්තාවක් සහ වියදම් ඵලදායී ලෙස නඩත්තු කිරීම සඳහා විවිධ විකල්ප පිරිනමයි. කාලය දීර්ඝ කරන ලද වගකීම් සහතිකය මගින් සාමාන්‍ය වසරක වගකීම් කාලය ඉක්මවා යමින් යන්ත්‍රෝපකරණවල සුරක්ෂිතතාව රැක ගැනීමට හැකියාව ලැබේ.
අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාව පිළිබඳ වගකීම සහ සේවා ප්‍රතිචාර කාලය පිළිබඳ වගකීම හරහා පාරිභෝගිකයන් හට පරිපූර්ණ රැකවරණයක් හිමකර දෙයි. බර යන්ත්‍රෝපකරණ අලෙවි සමාගමක් විසින් සේවා ප්‍රතිචාර කාලය පිළිබඳ වගකීමක් සහ අමතර කොටස් මිලදී ගැනීමේ හැකියාව පිළිබඳ වගකීමක් ලබා දෙන පළමු අවස්ථාව ද මෙය වෙයි. CAT 360° ADVANTAGE වැඩසටහන වසර දෙකක ලිඛිත රැකවරණයක් ලබා දීමට කටයුතු කරයි.
"UTE සමාගම විශිෂ්ට පාරිභෝගික සේවාවක් සපයන ආයතනයක් ලෙස අඛණ්ඩව කීර්තියට පත්ව තිබෙනවා. මෙම නවත ම පහසුකම හරහා අප අපගේ පාරිභෝගික ජනතාව වෙත පිරිනමන සේවාවට අමතර අගයක් එක් කිරීමටත් ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවත් තහවුරු කිරීමටත් බලාපොරොත්තු වනවා." රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
Video Story