කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට්කාඞ් හිමියන්ට Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් 20%ක් දක්වා වට්ටම්

    January, 10, 2017

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට්කාඞ් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට සැලකිය යුතු සහනයක් ලබාදීමට කටයුතු යොදා ඇත.

    2017 ජනවාරි 30 වනදා දක්වා Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට්කාඞ් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගන්නා විට විශේෂ ප‍්‍රවර්ධන මිලක් නොමැති භාණ්ඩ සඳහා 20%ක වට්ටමක් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

    ගුවන් තොටුපොළේ පැමිණීමේ මෙන්ම පිටත්ව යන පර්යන්තවල පිහිටි Flemingo තීරු බදු රහිත අලෙවි සැල් වෙතින් මෙම වට්ටම හිමිවනු ඇත. මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ අරමුණ වන්නේ උත්සව කාලයේ සංචාරය කරන බැංකුවේ ඉතාමත් වැදගත් ගනුදෙනුකරුවන් සඳහා සහනයක් ලබාදීමයි.

    කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් හිමියන් සඳහා ආහාර පාන ගැනීමේදී සහ නිවාඩු ගත කිරීමේදීි ‘Dine & Smile’ සහ ‘Easy Vacations’ ප‍්‍රවර්ධන වැඩසටහන් යටතේ සුවිශේෂී වට්ටම් මාලාවක් සෑම වසරකදීම ලබාදීමට බැංකුව කටයුතු කරයි. කාඞ්පත් හිමියන්ට මෙම වට්ටම් ලබා දෙන්නේ බැංකුවේිකොම්ඞීල්ස්’ සේවාව හරහා පිරිනමන විශේෂ වට්ටම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට ලබා දෙන පොළී රහිත පහසු ගෙවීමේ වරප‍්‍රසාදයන්ට අමතරවයි. වීසා සහ මාස්ටර් කාඞ්පත් සමාගම් විසින් ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන ප‍්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමට ද කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් හිමියන් සුදුසුකම් ලබයි. මීට අමතරව, බැංකුව විසින් ‘මැක්ස් ලෝයල්ටි’ ප‍්‍රතිලාභ වැඩසටහන මගින් බැංකුවේ කාඞ් හිමියන්ට සුවිශේෂී වට්ටම් මාලාවක් ලබාදී තිබේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 255 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 658 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.