January, 11, 2017
කොළඹ 15, ශ්‍රීමත් රාමනාදන් මාවතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් බිලියන 2.295 ක ආයෝජනයක් කිරීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව ඇක්සෙස් ඉංජිනියරින්ග් පීඑල්සී නිවේදනය කර සිටී.
ඇක්සෙස් ඉංජිනියරින්ග්, මුස්ටාෆාස් පුද් සමාගම හා චයිනා හාබර් ඉංජිනියරින්ග් කම්පැනි ලංකා ලිමිටඩ් අතර වූ බද්ධ ව්‍යාපාර සමාගමක් ලෙසින් ස්ථාපිත කර ඇති හොටේල් 10 පුද් සමාගම මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇත.
අක්කර 5 ක භූමිභාගයක් පුරා දිවෙන මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන්, හොටේල් 10 පුද් සමාගම හා ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (10) සිදුවිය.
‘හාබර් විලේජ්‘ යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය, වර්ග අඩි 250,000 ක් පුරා විහිදුණු වාණිජ හා විශ්රාන්ති වපසරියකින් යුක්ත වන අතර මැදි ආදායම් හා ඉහළ ආදායම් ලාභී ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණය වූ සුඛෝපභෝගී මහල් නිවාස ඒකක 1,000 ක් පමණ ඊට අන්තර් ගත වේ.
මෙම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු ගත කර ඇති ආයෝජනය රුපියල් බිලියන 10 කි.
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන සුමල් පෙරේරා, ඇක්සෙස් ඉංජිනියරින්ග් පීඑල්සී හි සභාපතිවරයා මෙන්ම ප්‍රධාන කොටස් හිමියා ද වේ.
Video Story